පොලිස්පති නියමයෙන් නාලක සිල්වාට එරෙහිව පරීක්ෂණ
ත්‍රස්ත විමර්ශණ අංශයේ අධ්‍යක්ෂක නාලක සිල්වා මහතාට එරෙහිව පොලිස්පති නියමයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇත.

ඔහුට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් පොලිස් විශේෂ විමර්ශන ඒකකයට උපදෙස් ලබාදී තිබේ.‍

දූෂණ විරෝධී බලකායයේ මෙහෙයුම් අධ්‍යක්ෂක නාමල් කුමාර මහතා මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී ත්‍රස්ත විමර්ශණ අංශයේ අධ්‍යක්ෂක නාලක සිල්වා මහතා සහ ඔහු අතර වූ දුරකථන සංවාද කිහිපයක් ඊයේ (12) මාධ්‍යට නිකුත් කළේය.
Views
21
2018-09-13 14:29:03