ගෘහස්ත සුර්ය බලාගාර දස ලක්ෂයක් ස්ථාපිත කිරීමට ආසියානු සංවර්ධන බැංකුවෙන් රුපියල් කෝටි 800ක් - ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා


වහල මත සවි කරන ගෘහස්ත සුර්ය බලාගාර ව්‍යාපෘතිය කඩිනම් කිරීමට ආසියානු සංවර්ධන බැංකුවෙන් රුපියල් කෝටි 800ක මුල්‍යමය ආධාර ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇතැයි ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා කීවේය.

මෙම වැඩපිළිවෙල යටතේ වහල මත සවිකරන ගෘහස්ත සුර්ය බලාගාර ලක්‍ෂ දහයක් ඉදි කිරීමට අපේක්ෂා කරන බවද ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා සඳහන් කරයි.
Views
11
2018-09-13 14:06:17