අද හවස හදිසි කැබිනට් මණ්ඩල රැස්වීමක්

අද (13) පස්වරුවේ හදිසි කැබිනට් මණ්ඩල රැස්වීමක් කැදවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පියවර ගෙන තිබේ.

සතිපතා පැවැත්වෙන කැබිනට් රැස්වීම පෙරේදා (12) දිනයේ දී පැවති අතර සතියට සුදානම් කර ගත් අදාළ කැබිනට් තීරණ ගැනීමද පෙරේදා සිදු විය.

කෙසේ වෙතත්,හෙට දින පැවැත්වීමට නියමිත හදිසි රැස්වීමක් සඳහා සියලුම කැබිනට් ඇමතිවරුන් කැඳවා ඇතැයි වාර්තා වේ.

මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු කැබිනට් ඇමතිවරුන් වන මලික් සමරවික්‍රම, දුමින්ද දිසානායක, ගයන්ත කරුණාතිලක, රාවුෆ් හකීම්, නිමල් සිරිපාල ද සිල්වා සහ සාගල රත්නායක යන අමාත්‍යවරුන් මේ වන විට විදෙස් සංචාරවල නිරතව සිටිති.
Views
33
2018-09-12 16:14:29