ඇමති ජෝන්ගේ මාධ්‍ය හමුව කුළී නිවේදකයා නිසා ජෝන් බාස්ට
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ ආරාධනයෙන් මාධ්‍ය හමුවක් සදහා අද (12) දින සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතනයේ මොනරා ශාලාවට පැමිණි මාධ්‍යවේදීන්ට ඇමති ජෝන් අමරතුන්ගගෙන් ප්‍රශ්න ඇසීමේදී ඒ සදහා යොදවා සිටි නිවේදකයා නොයෙකුත් බාධා සහ බලපෑම් කරන්නට විය.

ඇමතිවරයාගේ මාධ්‍ය හමුව ආවරණය කරන්නට ඔවුන්ගේම ආරාධනයෙන් පැමිණි මාධ්‍යවේදීන්ට එසේ නිවේදකයා බාධා සහ බලපෑම් කරද්දී ඇමතිවරයා හෝ ප්‍රධාන මේසයේ අසු ගෙන සිටි අනෙකුත් නිලධාරීන් ඔහුට ඉඩ දී බලාගෙන සිටිනුද දක්නට ලැබිණි. එක මාධ්‍යවේදියෙක් ඇමතිවරයාගෙන් ප්‍රශ්නයක් අසු අවස්ථාවේදී ඊට පිළිතුරු දෙන්නට වුයේ නිවෙදකයාය.ඒ ප්‍රශ්න මේ මාධ්‍ය හමුවට අදාළ නැති බවද නිවේදකයා කියන්නට විය. තමන් ප්‍රශ්නය යොමු කළේ ඇමතිවරයාට නිසා නිවෙදකයාගෙන් පිළිතුරු අවශ්‍ය නොවන බව කීවත් නිවේදකයා දිගින් දිගටම මාධ්‍යවේදීන්ට ප්‍රශ්න ඇසීමට බදා කරමින් කීවේ අදාළ නොවන ප්‍රශ්න ඇසීම වැලක්වීමට තමාට මාධ්‍ය හමුවේ සංවිධායකයින්ගෙන් උපදෙස් ලැබී ඇති බවයි.
මාධ්‍යවේදීන්ට ප්‍රශ්න ඇසීමට නිවේදකයාගේ උපදෙස් අවශ්‍ය නොවන බව මධ්වෙදියා කියා සිටි විට තමන්ට ප්‍රශ්න අසන අකාරය ගැන මාධ්‍යවේදීන්ට ඉගැන්වීමට ද පුළුවන් බව මේ නිවේදකයා කී අතර ඔහු අපහාසාත්මක හැසිරීම ගැන ප්‍රධාන මේසයේ සිටි අය මුනිවත රකිමින් සිටියහ.

එසේම මේ මාධ්‍ය හමුවේ දී අදාළ විෂය ගැන පමණක් ප්‍රශ්න අසන ලෙසද නිවේදකයා නිවේදනය කරන්නට විය.
මාධ්‍ය හමුවෙන් පසුව ඇතැම් මාධ්‍යවේදීන් තේ පැන් සංග්‍රහයට සහබාගි නොවී පිටව යනු දක්නට ලැබිණි .මාධ්‍ය හමුවේදී ඇමති ජෝන්ගේ මාධ්‍ය හමුව ජෝන් බාස්ට ලක් කළ නිවේදකයාගේ ක්‍රියා කලාපය ගැන කිසිවක් නොකර නිහඩව සිටි ප්‍රධාන මේසයේ සිටි ආචාර්ය සුරංග සිල්වා මහතා මාධ්‍ය හමුවෙන් පසුව අදාළ නිවේදකයාගේ බාධා කිරීමට ලක් වූ මාධ්‍යවේදියෙකුට දුරකතනයෙන් කතා කරමින් කණගාටුව පළ කළ අතර එහිදී මාධ්‍යවේදියා ආචාර්ය සුරංගට කීවේ මේ උත්සවයට මාධ්‍යවේදීන්ද ආවේ ප්‍රසිද්දිය ලබා දෙමින් උදව් කිරීමට වුවත් නිවේදකයා කළේ ආරාධනයෙන් පැමිණි මාධ්‍යවේදීන්ට අපහාස කිරීම බවයි.ඔහු හානිය කළේ මාධ්‍ය හමුවේ අරමුණට මිස මාධ්‍යවේදීන්ට නොවන බවද ඔහු අචාර්ය සුරංගට මතක් කර දුන්නේය.
එම කුළී නිවේදකයා රු.15000 ක මුදලකට අදාළ නිවේදන කටයුත්තට පමණක් පැමිණි අයෙක් බවද ඔහුගේ නම දුෂාන් වාස් නැමැත්තෙක් බවද ආචාර්ය සුරංග සිල්වා එම මාධ්‍යවේදියාට පවසා තිබුණි.කවරක් නමුත් දීර්ඝ කාලයක් තිස්සේ සංචාරක අංශයේ කටයුතු කරන මධ්‍යවේදීන්ට මෙවැනි මුදලට පැමිණි නිවේදකයෙකු ලවා අපහාසයට ඔවුන්ට බාදා සහ බලපෑම් කිරීමට ඉඩ දීම කනගාටුවට කරුණකි. එය සංචාරක ඇමති ජෝන් අමරතුන්ගගේ ප්‍රතිරුපයටද මෙන්ම ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ හොද නමටද එසේම ඇති කළේ ඉමහත් කැළලකි. අහිතකර බලපෑමකි.මින් පෙර කිසි දිනක ඇමති ජෝන් අමරතුංගගේ මාධ්‍ය හමු වලදී ප්‍රශ්න ඇසීම සදහා මාධවේදීන්ට මෙවැනි ආකාරයේ කිසිදු බාදාවක් සිදු නොවූ බවද ඇමතිවරයාට සාධාරණයක් ලෙස සටහන් කළ යුතුය.එසේ නම් මෙවැනි නිවේදකයෙක් ගෙන්වාගෙන ඇමති ජෝන්ගේ මාධ්‍ය හමුව ජෝන් බාස්ට ලක් කළ මේ පුද්ගලයාට මේ කටයුත්ත බාර දුන්නේ කව්ද ? දීර්ග කාලයක් තිස්සේ සංචාරක අංශයේ ප්‍රගමනයට උර දුන් මාධවේදීන්ට මෙවැනි මාධ්‍ය මර්ධන පිළිවෙත් අනුගමය කරමින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කළ හැකිද ? මේවා ඇමති ජෝන් දැනුවත්ව සිදු වන දේවල්ද ? රු 15000ක් ගෙවා කුලී නිවේදකයන් ලවා මාධවේදීන්ට බලපෑම් කිරීමට වගකිව යුත්තේ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය ද ? නැත්නම් කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුවද ?
මෙවැනි තත්වයක් යටතේ ලංකාවේ සංචාරක කර්මාන්තය ගමන් කරමින් සිටින්නේ කවර දිශාවක් වෙතද ? කොටින්ම සංචාරක කර්මාන්තයත් ඇමති ජෝන් යටතේ ගමන් කරමින් සිටින්නේ කොහාටද ? රටේ ආර්ථිකය මෙන්ම සංචාරක කර්මාන්තයත් ජෝන් බාස්ට ගමන් කරමින් සිටින්නේද ? රු 15000ක් ගෙවා ගෙන්වාගත් කුළී නිවේදකයා මේ මාධ්‍ය හමුවට ලබා දුන් අපමණ අගය ගැන මෙහි සංවිධායකයන්ට ඇත්තේ කවර හැගීමක් ද යන්න මාධ්‍යවේදීන් නොදන්නා නමුත් ඔහු නිසා මේ මාධ්‍ය හමුව ජෝන් බාස්ට ගිය බව නම් කිව යුතුය.
Views
321
2018-09-12 15:21:38
දේශපාලන පුවත්