ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රහස් පොලිසියට නොයා මෙක්සිකෝවට යයි


ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට අද(10) කැඳවා තිබුණත් එහි නොගිය ඔහු

ඒ 2008, 2009 වස‍රවලදී තරුණයන් 11දෙනෙකු පැහැරගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු වූ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නමැත්තාට රැකවරණය දීම සහ රටින් පිටවීමට අනුබලදීමේ චෝදනාව සම්බන්ධයෙන්ය.

කෙසේ වෙතත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ සිටියේ නොමැති බව වාර්තා වෙයි.

ප්‍රකාශය සඳහා තමන්ට වෙනත් දිනයක් ලබාදෙන ලෙස අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇතැයි වාර්තා වෙයි.

මේ පිළිබඳව ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතාගෙන් මාධ්‍ය කළ විමසීමකදී ඔහු තහවුරු කළේ අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා නිල කටයුත්තක් සඳහා මෙකේසිකෝව බලා පිටත්ව ගොස් ඇති බවයි.

අද අලුයම 03.15ට පමණ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා මෙක්සිකෝව බලා පිටව ගොස් ඇතැයි වාර්තා වේ.
Views
81
2018-09-10 12:40:27