තෙල් ප්‍රවාහන නලයක කාන්දුවක් - තෙල් ටොන් 25 ක් කාන්දු වෙලා
තෙල් ටොන් 25 ක් කාන්දු වෙලා

වත්තල උස්වැටකෙයියාව තල්දියවත්ත ප්‍රදේශයේ මුහුදු තීරයේ ඊයේ උදැසන සිට කළු තෙල් පැල්ලම් විශාල වශයෙන් පාවෙමින් තිබී ඇත.

මේ සම්බන්ධයෙන් ශ්‍රි ලංකා තෙල් සංස්තාවේ සභාපති දම්මික රණතුංගු මහතා මාධ්‍යට පැවසුවේ තෙල් ප්‍රවාහන නෞකාවක සිට මුතුරාජවෙල තෙල් පිරිපහදුව වෙත තෙල් ගෙන යන තෙල් ප්‍රවාහන නලයක සිදු වී ඇති පිපුරුමක් හේතුවෙන් තෙල් කාන්දුවීමක් සිදු වී ඇති බවයි.

මෙම නලයේ පිපුරුම සම්බන්ධයෙන් ඊයේ (08) උදැසන වාර්තාවීමත් සමඟ එය නැවත ප්‍රතිසංකරණය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් සිදු කළ බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

මෙම අලුත්වැඩියා කිරිම් සඳහා දින 3ක් පමන ගත විය හැකි බවත් ඊට අවශ්‍ය කිමිදුම්කරුවන් සහ තාක්ෂණික සහය ලබාගෙන ඇති බව ඒ මහතා පැවසීය.

මෙම අලුත්වැඩියා කටයුත්ත හේතුවෙන් කිසිදු ඉන්ධන ගැටලුවක් සිදු නොවන බවත් පාරිසරික හානිය අවමකර ගැනිම සඳහා කඩිනම් පියවර ගන්නා බවද ඒ මහතා පැවසීය.

සමුද්‍රීය පරිසර අධිකාරියේ සභාපති රියර් අද්මිරාල් රෝහණ පෙරේරා මහතා පැවසුවේ තෙල් ටොන් 25කට ආසන්න ප්‍රමානයක් මෙලෙස කාන්දු වී ඇති බවයි.
Views
57
2018-09-09 10:24:44