ජනබලය ඉතා සාර්ථකයි - මහින්ද රාජපක්ෂ


ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කළ ජනබලය කොළඹට විරෝධතා ව්‍යාපාරය ඉතාම සාර්ථක වූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (07) බේරුවලදී අවමංගල්‍ය උත්සවයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ නැන්දනියගේ දේහයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් අද අවසන් ගෞරව දක්වනු ලැබුහ.
Views
213
2018-09-07 14:59:05
දේශපාලන පුවත්