මම භාර ගත්ත කුඹුර අස්වැද්දුවා - අගමැති රනිල් වික්‍රමසිංහ

තමා බාර ගත් කුඹුර මේ වන විට විශාල බාධක මධ්‍යයේ අස්වද්දා ඇති බවත්, අස්වැන්න නෙළීමට ළං වු විට නොයෙක් දෑ සමහරු පවසන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඊයේ දිනයේ දී සිදුවු කිසිදු ඓතිහාසික සිදුවීමක් මාධ්‍යයෙන් වාර්තා නොවු බව ද කියා සිටි අගමැතිවරයා

අද වන විට පොහොට්ටුවේ ජනබලය හෝ මාධ්‍යයෙන් මැවූ බොරු බලය කිසිවක් ඉතිරිව නොමැති බවත්, ඇත්තේ 72 වසරක එක්සත් ජාතික පක්ෂයේ සංවත්සරය පමණක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ 72 වන සංවත්සර සැමරුම් උත්සවය පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(05) සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැත්විණි. එහිදී අදහස් දක්වමින් අගමැතිවරයා මෙම අදහස් පළ කළේය.

.අවුරුදු ගණනාවක් අස්වද්දා නොමැති කුඹුරක් හිමි වීම අභියෝගයක් බවත් සියලු දේ සිදු කරනු ලැබුවේ රට වෙනුවෙන් බවත් කියා සිටි අගමැතිවරයා 2030 රට ජය ගැනීමේ ඉලක්ක සපුරා ගැනීමට කටයුතු කරන බව ද කියා සිටියේය.

“ වැඩකරන, වැඩකරපු 72” යන තේමාව යටතේ එක්සත් ජාතික පක්ෂය මෙවර සිය 72 වන සංවත්සරය සමරණු ලැබීය.

එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් රැසකගේ සහභාගිත්වයෙන් මෙම සංවත්සර උළෙල සංවිධානය කර තිබුණි.

එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂවල නායකයින් ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නායකයින් විසින් මෙරට ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.එස්.සේනානායක මහතා ඇතුළු පක්ෂයේ දිවංගත අග්‍රාමාත්‍යවරුන් හා ජනාධිපතිවරුන්ගේ පිළිරූ වෙත පුෂ්පෝපහාර සිදු කරනු ලැබුහ.
Views
32
2018-09-06 07:35:03
ජනප්‍රිය පුවත්