නිලාර් එන්. කාසිම්ගේ මියැසි සුයාමය’ හෙට

ගීත රචක නිලාර් එන්. කාසිම් මහතා විසින් රචිත ගී සියයක මංජුසාව, ගී පොත හා සංගත තැටි ජනගත කිරීමේ ‘මියැසි සුයාමය’ ප‍්‍රසංගය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ‘නුග සෙවණ’ එළිමහන් පරිශ‍්‍රයේදී හෙට (7 )පස්වරු 5.30ට පැවැත්වේ.

ඔහු විසින් රචිත ගී සියයක් ඇතුළත් ‘ෆ්ලෑෂ් ඩ‍්‍රයිව්’ ගී මංජුසාව මෙරට සංගීත ෙක්‍ෂ්ත‍්‍රයට නව පිටුවක් පෙරලනු ඇතැයි නිලාර් එන්. කාසිම් මහතා ස`දහන් කළේය.
මහාචාර්ය ජේ.බී දිසානායක, අග‍්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, සංගීතවේදී නදීක ගුරුගේ යන මහත්වරු මෙහිදී දෙසුම් පවත්වති.
විශාරද අමරසිරි පීරිස්, විශාරද එඞ්වඞ් ජයකොඩි, රූකාන්ත ගුණතිලක, චන්ද්‍රලේඛා පෙරේරා, නිරෝෂා විරාජිනී, කසුන් කල්හාර, භාතිය ජයකොඩි, සන්තුෂ් වීරමන්, උමාරියා සිංහවංශ, රුවන් හෙට්ටිආරච්චි, තීක්‍ෂණ අනුරාධ ඇතුළු ශිල්ප ශිල්පිනියන් රැුසක් මේ ස`දහා ගීත ගායනයෙන් එක්වීමට නියමිතය.
සංගීත මෙහෙයවීම සිදුකරනුයේ ප‍්‍රවීණ සංගීතවේදී රෝහණ වීරසිංහ මහතා විසිනි.
මෙම කටයුතු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංගමය මගින් සංවිධානය කර තිබේ.

Views
62
2018-09-05 23:09:12