ආණ්ඩුව පෙරලන්න එක්වන්න - මහින්ද ජනතාවගෙන් ඉල්ලයි

ආණ්ඩුව පෙරළීමට එක් වෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (05) ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

ලේක්හවුස් වටරවුමේ පැවැත් වෙන “ජනබලය කොළඹට“ ජන රැළිය අද (05) සවස අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.
අද නොනිදන රයක් බවද ඔහු කීවේය.
මේ වන විට ජනතාවට හැම අතින්ම පිඩාවට ලක්වීමට සිදුව ඇති බව ද ඔහු කියා සිටියේය.

ආණ්ඩුව අද වන විට රට බෙදන හොර පනත් ගෙන එන බවත්, රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය තුරන් වී ඇති බවත් මහින්ද රාජපක්ෂ මහතා කීවේය.


අද වන විට පළාත් සභා මැතිවරණයක් හෝ ජනතාව ඉදිරියේ පැවැත්වීමට ආණ්ඩුවට නොහැකි වී ඇති බවත් රාජපක්ෂ මහතා කියා සිටියේය.

විපක්ෂයේ කාර්ය බාරය ලෙස ජනතාව සමඟ එක්ව අද දිනයේ මහ පාරේ සිටින්නේ මෙම ආණ්ඩුව පෙරළා දැමීමට බවත් එයට සියලු දෙනාට එක් වෙන ලෙසත් රාජපක්ෂ ඉල්ලා සිටියේය.

පහුගිය කාලයේ තමා විසින් ත්‍රස්ථවාදය තුරන් කළ බවත්, එනිසා අද සියලු දෙනා එය භුක්ති විඳින බවත් පැවසූ රාජපක්ෂ මහතා ඒ සිදු කළ කර්තවය පිළිබඳ සිතා අද දිනයේ සත්‍ය ක්‍රියාවක් සිදු කරන බවත්, එහි අනිශංශ බලයෙන් ආණ්ඩුව පෙරළා දැමීමට හැකි වෙනු ඇතැයි බව තමා විශ්වාස කරන බවත් ඔහු තවදුරටත් කීවේය.
Views
80
2018-09-05 13:34:42