හිමිවරුන්ට හතර නමකට ඇප
මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ ( 03) නියම කළේය.

පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි, පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි සහ පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි යන හිමිවරු මෙසේ ඇප ලබා ඇත.

රාජ්‍ය දේපලවලට හානි කිරීමේ චෝදනා සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේ සිව් නමක් පසුගිය 31වනදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

පසුගිය වසරේ පැවැති ආබාධිත රණවිරු උද්ඝෝෂණය අතරවාරයේදී රාජ්‍ය දේපලට හානි කිරීම සම්බන්ධයෙන් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළ සැකකාර හිමිවරුන් හඳුනාගෙන ඇති බව පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි, පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි සහ පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි යන හිමිවරුන්ට එරෙහිව වරෙන්තු නිකුත් කෙරුණි.
Views
556
2018-09-03 16:01:51
දේශපාලන පුවත්
ජනප්‍රිය පුවත්