වත්මන් ආණ්ඩුව ඉවත් කිරීමේ පළමු පියවර ජන බලය කොළඹට උද්ඝෝෂණයයි - මහින්ද රාජපක්ෂ


වත්මන් ආණ්ඩුව ඉවත් කිරීමේ පළමු පියවර ජන බලය කොළඹට උද්ඝෝෂණය බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කීවේය.

හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (02) පැවති හමුවකට එක් වෙමිණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 67 වන සංවත්සරය අදට යෙදී ඇති බවත් තමා පක්ෂය වෙනුවෙන් කැපවී සිටිය බවද හිටපු ජනාධිපතිවරයා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශක්තිමත්ම අවදිය අපගේ කාලයේ බවත් එවැනි ශක්තිමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වත්මන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාලනයට බාරදුන් බවද හිටපු ජනාධිපතිවරයා පැවසීය.

අපව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එලවූ බවත් ඉන් පසුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ බිහිවූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Views
95
2018-09-02 15:26:37