ප්‍රජාතන්ත්‍රවාදය සහ සංහිඳයාව මත ගොඩනැන්වුණ නව සංවර්ධන මාවතකට ශ්‍රී ලංකාව අවතීර්ණ වී අවසන් මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න




ප්‍රජාතන්ත්‍රවාදය සහ සංහිඳියාව මත ගොඩනැන්වුණ සංවර්ධනය ඔස්සේ ශ්‍රී ලංකාව නව මාර්ගයකට අවතීර්ණ වී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේ ය.

ප්‍රජාතන්ත්‍රවාදය සහ සංහිඳියාව ඇති කිරීම වෙනුවෙන් ගෙවුණු වසර කිහිපය තුළ රජය කැපවුණ බවයි. එම ශක්තිමත් කනු මත ගොඩනැන්වෙන සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම ඉදිරි වසර කිහිපය තුළ සිදු කෙරෙනු ඇති බව ද ඇමතිවරයා කියයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ගම්පෙරළිය කඩිනම් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන යටතේ වැල්ලවාය, යාලබෝව හරිත උද්‍යානය ඉදි කිරීම සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට පසුගියදා (30) එක් වෙමිනි.
‘‘ආණ්ඩුවට අවුරුදු තුනයි. මොනව ද කරල තියෙන්නෙ. සමහරු මේ ප්‍රශ්නෙ අහනවා. ගෙවුණු අවුරුදු තුන ඇතුළෙ තමයි අපි ප්‍රජතන්ත්‍රවාදය ස්ථාපනය කළේ. එදා හිටපු පාලකයො මාධ්‍යෙව්දීන්ට සලකපු විදිය අපි දන්නවා. මොකක් හරි විවේචනයක් කරල තිබුණොත් ඒකාලෙ හිටපු නායකයා කෙළින් ම කතා කරන්නෙ පත්තරේ අයිතිකාරයට. කතා කරල කියන්නෙ අරයව ටිකක් බලා ගන්න කියල. එහෙම බලා ගත්ත අය ගැන අපිට මතකයි. ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එකනැලිගොඩ කියන්නෙ එහෙම බලා ගත්ත අය තමයි.

යුද්දෙ කාලෙ අපට උතුරේ ඉඩම් අත්පත් කර ගන්න වුණා. ආරක්ෂක උපක්‍රම විදියට තමයි එහෙම කළේ. නමුත් දැන් යුද්ධය ඉවර වෙලා තියෙන නිසා අපි ඒව ක්‍රම ක්‍රමයෙන් සාමාන්‍ය ජනතාවට ලබා දෙමින් තියෙනවා. මේව තමයි අපි ගෙවුණු කාලේ කළේ.
දැන් අපි සංවර්ධනය ආරම්භ කරල තියෙන්නෙ. ගම්පෙරළිය කඩිනම් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන දැන් ක්‍රියාත්මකයි. පක්ෂ පාට බේදයක් නැතිව අපි මේ සංවර්ධනය ක්‍රියාත්මක කරන්නෙ. උතුර දකුණ කියල බේදයක් නෑ. කාලයත් තිබුණ මෙහෙ තිබුණ වතුර ටික හම්බන්තොටට අරගෙන ගිහින් එහෙ පෝෂණය කරපු. අද එහෙම නෙවෙයි. සැබෑ සංවර්ධනය භුක්ති විඳන්න රටේ සෑම ප්‍රදේශයකම ජනතාවට හැකි වෙලා තියෙනවා. ‘‘ යැයි ද අමාත්‍යවරයා පැවැසීය.
මෙම අවස්ථාවට නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා සහ ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් එක්ව සිටියහ.

මෙම අවස්ථාවට නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා මෙසේ කීවේය.
‘‘මේ වගේ පළාත්වලට පත් වෙන්න ඕනෙ ප්‍රදේශයේ ජනතාවගේ සිතුම් පැතුම් හඳුනන නායකයන්. කොහෙන්වත් ආපු අයට මේ ජනතාවගේ ප්‍රශ්න තේරෙන්නෙ නෑ. ඉස්කෝලෙ ඇරිල මේ දරුවො දූවිල්ල කාගෙන ගෙදර එන්නෙ. ඒ දුක දන්න, දැනෙන කෙනා තමයි මේ ගමේ පොඩි පාරවල් ටිකට තාර දාල සකස් කරල දෙන්න උනන්දු වෙන්නෙ. ඒ නිසා රජයේ මේ වැඩපිළිවළ තව තවත් ශක්තිමත් ඉදිරියට ගෙනි යන්න සූදානම් කියල මම කියන්න කැමැතියි‘‘
Views
33
2018-09-02 05:06:12
ජනප්‍රිය පුවත්