ඉතිහාසයේ දැවැන්තම උද්ඝෝෂණයට ඒකාබද්ධ විපක්ෂය සූදානම්


මෑත ඉතිහාසයේ සිදු කරන දැවැන්තම උද්ඝෝෂණයට ඒකාබද්ධ විපක්ෂය සූදානම් බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසයි.

සැප් 05 දින කොළඹදී පවත්වන ඒකාබද්ද විපක්ෂයේ උද්ඝෝෂණය ගැන අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කීවේය.

අදාළ උද්ඝෝෂණය සම්බන්ධයෙන් මහනාහිමිවරු දැනුවත් කිරීම සඳහා මහනුවරට පැමිණි අවස්ථාවේ මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් අද මහනුවරට පැමිණ ත්‍රෛනිකායික මහනාමිහිවරුන් මුණගැසුණි.

ඒ ලබන 5වැනිදා පැවැත්වීමට නියමිත ''ජනබලය කොළඹට'' විරෝධතා රැළිය පිළිබඳව උන්වහන්සේ දැනුම්වත් කිරීම සඳහායි.

අනතුරුව මන්ත්‍රීවරුන් පැමිණියේ රාමඤ්ඤ නිකායේ මහනායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි මහ නාමියන් මුණගැසීමටයි
Views
87
2018-08-31 15:36:48