ශ්‍රී ලංකා සිංගප්පූරු ගිවිසුමේ කරුණු විමසන විද්වත් කමිටුවේ වාර්තාව මාස දෙකකින්

ශ්‍රී ලංකා සිංගප්පූරු ගිවිසුම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කළ විද්වත් කමිටුව පළමුවරට අද (30) බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී රැස් විය.

කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති, විශ්‍රාමලත් ආර්ථිකවිද්‍යා මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම කමිටුව මහාචාර්ය සිරිමෙවන් කොළඹගේ, මහාචාර්ය අජිතා තෙන්නකෝන්, ස්වාධීන උපදේශක ආචාර්ය සනත් ජයනෙත්ති, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු සහකාර අධිපති ආර්.ඒ. ජයතිස්ස යන සමාජිකයින්ගෙන් අදාළ කමිටුව සමන්විතය.

කමිටුව අද සිට අඛණ්ඩව දින 04ක් රැස්වෙමින් මහජන මත විමසීමට නියමිතය.

එහි අවසන් වාර්තාව මාස දෙකක් ඇතුළත ජනාධිපතිවරයා වෙත භාරදීමට තමන් අපේක්ෂා කරන බව කමිටු සභාපතිවරයා පැවැසීය.

එහිදී අදහස් දැක්වූ කමිටු සභාපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන් මහතා සඳහන් කළේ ඉදිරියේදී අදහස් දැක්වීමට බලාපොරොත්තු වන පිරිස් ඒ සඳහා කාල වේලාව වෙන් කරගන්නා ලෙසත් අද (30) සිට මහජන අදහස් ලබා ගැනීම ආරම්භ කරන බවයි

මේ අතර සිංගප්පූරු ගිවිසුම සම්බන්ධයෙන් ජන බලවේගයක් ගොඩනැගීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද එම කාර්යාලයේදී රැස් විය.

මේ අවස්ථාව සදහා ඒකාබද්ධ විපක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු මහා සංඝරත්නය ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ
Views
79
2018-08-30 15:33:58
ජනප්‍රිය පුවත්