ගෝඨාභය රාජපක්‍ෂ අද ශ්‍රී ලංකන් කොමිසම හමුවට


ප‍්‍රකාශ ලබාගැනීම සඳහා ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ආයතනවල දුෂණ සෙවීම සඳහා පත් කළ විශේෂ ජනාධිපති පරීක්‍ෂණ කොමිසම හමුවේ අද ( 29) පෙනී සිටින ලෙස දැනුම් දෙමින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එම කොමිසම විසින් නොතිසි නිකුත් කර තිබේ .


හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට අමතරව කොමිසම නොතිසි නිකුත් කර තිබුණේ ලද්දේ විදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු අධීක්‍ෂණ මන්ත‍්‍රී සජින් වාස් ගුණවර්ධන, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික‍්‍රමසිංහ සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප‍්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන යන මහත්වරුන්ටය.


ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ සජින් ද වාස් ගුණවර්ධන යන මහත්වරු මිහින් ලංකා ගුවන් සමාගමේ ආරම්භක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස කටයුතු කර ඇති බව කොමිසමේ පසුගිය ශාක්ෂි විභාගයේ දී අනාවරණය විය .


ඒ අනුව මිහින් ලංකා ගුවන් සමාගමේ අධ්‍යක්‍ෂවරයකු ලෙස කටයුතු කළැ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට අද ( 29 ) දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යයන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පිහිටුවා ඇති මෙම කොමිසමේ විමර්ශන නිලධාරීන් හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇතැයි කොමිසමේ ආරංචි මාර්ග වලින් හෙළි වෙයි .
Views
33
2018-08-28 15:22:44
ජනප්‍රිය පුවත්