කිලෝ 1400 ක ලෝකයේ ලොකුම ඩෙසට් පීසාව ලංකාවේ නිපදවයි


නුවරඑළිය ග‍්‍රෑන්ඞ් හෝටලයේ ප‍්‍රධාන සූපවේදීන් ඇතුළු සේවක මණ්ඩලය එක්ව ලෝකයේ ලොකුම ඩෙසට් පීසාව නිපදවා එය පිළිගැන්වීම ඊයේ 17 දා එම හෝටලයේදී සිදු කෙරිණි.

මෙම ස්ට්‍රෝබෙරි පීසාව සඳහා ස්ට්‍රෝබෙරි කිලෝ 200 ක් උපයෝගී කරගෙන තිබිණි. එම ඩෙසට් පීසාව නිපදවීම සඳහා උපයෝගී කරගත් අනෙකුත් අමුද්‍රව්‍ය සමග පීසාවේ මුළු බර කිලෝ 1400 කින් යුක්ත වෙයි.

එම ඩෙසට්‌ පීසාව නිපදවීම සඳහා උපයෝගී කරගත් අනෙකුත් අමුද්‍රව්‍ය සමග පීසාවේ මුළු බර කිලෝ 1400 කින් යුක්‌ත වෙයි.

මෙම ස්‌ට්‍රොaබෙරි පීසාව හයදහසකට අනුභව කළ හැකි බව මෙම පීසාව නිපදවූ සූපවේදීහු කියා සිටිති.

පීසාවේ විෂ්කම්භය අඩි 25 කි. උස අඟල් 6 කි. නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලයේ ප්‍රධාන සූපවේදීන් වන ප්‍රියන්ත වීරසිංහ සහ විරාඡ් ජයරත්න යන මහත්වරුන් සහ සේවකයන් සියදෙනකුගේ සහභාගිත්වයෙන් නිර්මාණය කරන ලදි.

මෙම පීසාව එළිදැක්‌වීමේ අවස්‌ථාවට සංචාරක මණ්‌ඩලයේ සභාපති කාවන් රත්නායක නුවරඑළිය මහ නගර සභාවේ නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න මහතා ද සහභාගි වූහ.

නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලයේ සාමාන්‍යාධිකාරි රිසාන් රසීම් මහතාගේ උපදෙස්‌ පරිදි මෙම පීසාව නිර්මාණය කර ඇත.

ශ්‍රී ලංකාවේ නුවරඑළියේ පමණක්‌ වැවෙන ස්‌ට්‍රොaබෙරි වගාව ලොව පුරා ප්‍රචලිත කිරීමේ අරමුණෙන් හා නුවරඑළිය ප්‍රදේශයේ ස්‌ට්‍රොaබෙරි වගාකරුවන් දිරිගැන්වීම මෙම පීසාව නිර්මාණය කිරීම තුළින් අවස්‌ථාව ලැබෙන බව නුවරඑළිය මහ නගර සභාවේ පුරපති චන්දන ලාල් කරුණාරත්න මහතා කියා සිටියේය.

මෙම ස්‌ට්‍රොaබෙරි පීසාව ඊයේ (17 දා) සිට පුරා දින දහයක්‌ එම හෝටලයේ ප්‍රදර්ශනය කිරීමට කටයුතු කර ඇත. මෙම හෝටලය මගින් මීට ප්‍රථම අර්තාපල්වලින් නිෂ්පාදනය කරන ලද ලෝකයේ ලොකුම කේක්‌ ගෙඩිය ද නිර්මාණය කර එළිදක්‌වා තිබිණි.





Views
40
2018-08-18 08:03:30
ව්‍යාපාර පුවත්