සිංගප්පූරු - ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම දැන් ක්‍රියාත්මකයි - ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම


සිංගප්පූරුව හා ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළඳ ගිවිසුම මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසයි.

අද (18) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මැයි මාසයේ පළමු වන දා සිට මෙම ගිවිසුම ක්‍රියාත්මක වන බවත් මෙම ගිවිසුම ක්‍රියාත්මක වන්නේ නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුව බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Views
284
2018-08-18 07:20:02
ව්‍යාපාර පුවත්