ඉතිහාසයේ වැඩිම ජනගඟ සැප්තැම්බර් 5 වැනිදා පැවැත්වෙන විරෝධතා ව්‍යාපාරය කොළඹට එනවා - දිනේෂ්

ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය ලබන සැප්තැම්බර් 5 වැනිදා කොළඹදී පවත්වන විරෝධතා ව්‍යාපාරය ලංකා ඉතිහාසයේ උද්ඝෝෂණයකට මෙතක් සහභාගි නොවූ අති විශාල ජනතා සහභාගීත්වයකින් පවත්්වන බව ඒකාබද්ධ විපක්‍ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

ලංකා ඉතිහාසයේ උද්ඝෝෂණයකට එතෙක්‌ මෙතෙක්‌ දක්‌නට නොලැබුණු දැවැන්තම මිනිස්‌ පවුර එදිනට ඉදිවන බව ද හෙතෙම පැවසීය.

'ජන බලය කොළඹට' තේමා කරගෙන සැප්තැම්බර් 5 වැනිදා පැවැත්වෙන විරෝධතා ව්‍යාපාරය පිළිබඳව මාධ්‍යයට කරුණු දක්‌වමින් කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ඊයේ (17 දා) පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කළේය.

ඒකාබද්ධ විපක්‍ෂය ගාලු මුවදොර පිටියේදී පැවැත්වූ මැයි දිනයට සහභාගී වූ ජනතාවට වැඩි පිරිසක්‌ මෙම විරෝධතා ව්‍යාපාරයට සහභාගී වන බව ඊට සහභාගී වූ ඒකාබද්ධ විපක්‍ෂ නායකයෝ පැවසූහ.

රට දේශපාලන සහ ආර්ථික වශයෙන් බරපතල කඩා වැටීමකට ලක්‌ කර ඇති මේ රජය රටට කර තිබෙන දැවැන්ත විනාශයට එරෙහිව දැවැන්ත ජනතා ව්‍යාපාරයක්‌ ගෙන යන බවත් ඊට එක්‌වන ලෙස මේ රටේ සෑම අංශයකින්ම බැට කා සිටින සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බවත් දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

මෙම අවස්‌ථාවට ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන්ට මන්ත්‍රීවරුන්ට අමතරව ඒකාබද්ධ විපක්‍ෂයට මෑතකදී එක්‌වූ සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, ඩිලාන් පෙරේරා, චන්දිම වීරක්‌කොඩි, ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන යන මහත්වරු ද එක්‌වූහ.


Views
44
2018-08-18 02:06:04
ජනප්‍රිය පුවත්