මහින්දගෙන් සීඅයිඩිය පය තුනක් ප්‍රශ්න කරයි



ද නේෂන් පුවත්පතේ මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වද හිංසා පැමිණවීමේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසට ඊයේ (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැමිණීයේය .

කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවස ඉදිරිපිට මේ වන විට ආධාරකරුවෝ ද රැස්ව සිටියහ .



අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 6 දෙනකු පමණ මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසට පැමිණියේය.

ඒ වන විටත් සිය පෞද්ගලික රාජකාරියක් සඳහා නිවසින් බැහැරව සිටි හිටපු ජනපතිවරයා පෙරවරු 11.30 ට නිවසට පැමිණියේය
.මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (17) වැනිදා* පැය තුනක් තිස්සේ ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබා ගත්තේය.

ඊයේ පෙරවරු 11.30 ට පමණ කොළඹ විඡේරාමේ පිහිටි මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිවසට පැමිණි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති රවී සෙනෙවිරත්න මහතා ඇතුළු නිලධාරීන් කණ්‌ඩායමක්‌ මෙම ප්‍රශ්න කිරීම් සිදු කර තිබිණි.

කීත් නෙයාර් මහතා පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කථානායක කරු ජයසූරිය මහතාගෙන් මීට ඉහතදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගෙන තිබිණි.

එහිදී හෙළි වූ තොරතුරු ඔස්‌සේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ද මෙසේ ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළේය.

මෙහිදී මහින්ද රාජපක්‍ෂ මහතා වෙත එල්ල වූ සියලු චෝදනා ඒ මහතා විසින් ප්‍රතික්‍ෂේප කරනු ලැබූ බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පැවසීය.

මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ප්‍රශ්න කරද්දී ඒ මහතාගේ සහායට හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා ජනාධිපති නීතිඥවරුන් වන ජයන්ත වීරසිංහ හා අලිසබ්රි යන මහත්වරු ද එක්‌ව සිටියහ.

ඊයේ පෙරවරු 11.30 ට පමණ කොළඹ විඡේරාම මාවතේ පිහිටි මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිවසේදී මෙම ප්‍රශ්න කිරීම් සිදු කළ අතර දහවල් 1.40 වනතුරු එය සිදු කෙරිණි.

මෙම ප්‍රශ්න කිරීම් සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරයාට අමතරව එහි අධ්‍යක්‍ෂ ශානි අබේසේකර, සහකාර පොලිස්‌ අධිකාරි බී. එස්‌. තිසේරා යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක්‌ එක්‌ව සිටියහ.

කිSත්a නොයාර් මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගැනීමට වේලාවක්‌ ලබාදෙන ලෙස අවස්‌ථා කීපයකදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව රාජපක්‍ෂ මහතාගෙන් මීට පෙර ඉල්ලීම් කර තිබිණි.

ඒ සඳහා අවස්‌ථාවක්‌ ලබා නොදීම නිසා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ පෙරවරු 11.30 ට රාජපක්‍ෂ මහතාගේ නිලනිවස වෙත ගොස්‌ මෙම ප්‍රශ්න කිරීම් සිදු කළහ.

ඉකුත් 2008 වර්ෂයේදී යුද හමුදාවට සම්බන්ධ කණ්‌ඩායමක්‌ විසින් කීත් නොයාර් මහතා දෙහිවලදී පැහැරගෙන ගොස්‌ අමානුෂික ලෙස පහරදී තිබිණි.

මේ සම්බන්ධයෙන් යුද හමුදාවේ මේජර් ජෙනරාල්වරයකු ඇතුළු හය දෙනෙකු මීට ඉහතදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් අතර ඔවුන් බන්ධනාගාරගත කර සිට පසුව ඇප මත මුදා හැර ඇත.





Views
36
2018-08-18 01:50:43
ජනප්‍රිය පුවත්