හිටපු ඉන්දිය අග‍්‍රාමාත්‍ය අතල් බිහාරි වජ්පායි මහතාට ශෝකය ප්‍රකාශ කිරීම සදහා සටහන් පොතක්
හිටපු ඉන්දිය අග‍්‍රාමාත්‍ය අතල් බිහාරි වජ්පායි මහතාට ශෝකය ප්‍රකාශ කිරීම සදහා සටහන් පොතක්

හිටපු ඉන්දිය අග‍්‍රාමාත්‍ය අතල් බිහාරි වජ්පායි මහතාට ශෝකය ප්‍රකාශ කිරීම සදහා අගෝස්තු 21 සහ 22 දෙදින පෙ.ව. 10.00 සිට ප.ව. 5.00 දක්වා නො. 36 – 38, ගාලු පාර, කොළඹ 03 හි පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේදී ශෝකය පළ කිරීමේ සටහන් පොතක් විවෘතව තැබෙන බව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලය පවසයි .

අභාවයට පත් හිටපු ඉන්දිය අග‍්‍රාමාත්‍යවරයාට උපහාරය පළ කිරීම සඳහා 2018 අගෝස්තු 16 සිට 22 වන දින දක්වා දින හතක ජාතික ශෝක කාලයක් ප‍්‍රකාශයට පත් කර ඇත.

ඉකුත් අගෝස්තු 16 වන දින නව දිල්ලි නුවරදී අභාවප‍්‍රාප්ත වූ බව ඒ මහතාගේ අවමඟුල් රාජ්‍ය උත්සවය ඊයේ (අගෝස්තු 17) දින නව දිල්ලියේ ස්මි‍්‍රති ස්තල් හිදී පවත්වනු ලැබිණි .
.
අතල් බිහාරි වජ්පායි මහතා 1996, 1998 සිට 1999 දක්වා සහ 1999 සිට 2004 දක්වා ඉන්දියාවේ අග‍්‍රාමාත්‍ය ධූරය හෙබවීය. එසේම ඔහු 1977 සිට 1979 දක්වා ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. වජ්පායි මහතා කීර්තිමත් දේශපාලනඥයකු, ශ්‍රේෂ්ඨ කථිකයකු සහ කවියෙකු වේ. දස වන සාර්ක් සමුළුවට සහභාගී වීම සඳහා එතුමා 1998 වසරේ ජූලි මාසයේදී කොළඹට පැමිණියේය.
Views
34
2018-08-18 00:51:19
කාලීන පුවත්
ජනප්‍රිය පුවත්