නිශාන්ත වික්‍රමසිංහගේ නියෝගයකින් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට එක් කොටි දාහත්ලක්ෂයක පාඩුවක් වුනා - ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් කළමණාකරු නිශාන්ත හදපාන්ගොඩ
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික‍්‍රමසිංහ මහතා සමාගමේ ගුවන් කළමණාකරුවන්ගේ තීරණය වෙනස් කරමින් ප‍්‍රංශය බලා පිටත්වීමට නියමිතව තිබු ගුවන් යානයක් සම්බන්ධයෙන් දුන් නියෝගයක් හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට රුපියල් එක්කෝටි දාහත් ලක්ෂයකට අධික පාඩුවක් දැරීමට සිදුවු බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් කළමණාකරුවන් ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ආයතන වල දුෂණ සෙවීම සඳහා පත් කළ විශේෂ ජනාධිපති පරීක්‍ෂණ කොමිසම හමුවේ ඊයේ (15) හෙළි කළහ.

මේ හේතුවෙන් ගුවන් මගීන් 128 දෙනෙකුට සිය ගමනාන්ත බලා යන ගුවන් යානය මගහැරුණු බවත් ඉන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට විදීමට සිදුවු මුල්‍යමය පාඩුවට අමතරව එහි කීර්තිනාමයට අති විශාල හානියක් වූ බවද ඔව්හු කොමිසමට පෙන්වා දුන්හ.

2006 ජනවාරී මස පළමුවැනිදාත් 2008 ජනවාරී මස පළමුවැනිදාත් අතර කාලය තුළ ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ආයතන වල දුෂණ සෙවීම සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කළ විශේෂ ජනාධිපති පරීක්‍ෂණ කොමිසමක් පත් කරන ලදී.
Views
50
2018-08-16 14:28:27
කාලීන පුවත්
ජනප්‍රිය පුවත්