ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ගැන පුළුල් සංවාදයක් අවශ්‍යයි - ජූලි චන්ග්
ජූලි චන්ග් සහ අධිකරණ ඇමති හමුවී ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ගැන ගතු කියයි

ශ්‍රී ලංකාවේ සිටින අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය සහ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ අතර හමුවක් අද (20) කොළඹ දී පවත්වා තිබේ.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් චන්ග් මහත්මිය ඒ බව පැවසුවාය.

ඇය පවසන්නේ එහිදී ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පතේ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවය. "ජාත්‍යන්තර ප්‍රමිතියෙන් තොර ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පතේ කරුණු සම්බන්ධයෙන් අපි සාකච්ඡා කළා. එම පනත් කෙටුම්පතේ කරුණු සම්බන්ධයෙන් ජනතාව අතර සහ පාර්ලිමේන්තුව තුළ පුළුල් අදහස් හුවමාරුවක් අවශ්‍ය බව පැවසුවා.."

ඇය පෙන්වා දෙන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ හෝ රැස්වීමේ නිදහස සීමා නොකර සිවිල් සමාජය, අධ්‍යාපනවේදීන් මෙන්ම මන්ත්‍රීවරුන්ගේ වැනි සියලුදෙනාගේ හඬට ඇහුම්කන් දී මෙම නව නීතිය ත්‍රස්තවාදයට එරෙහි සටනේ ඵලදායී මෙවලමක් කරගත යුතුබවය .
Views
66
2023-04-20 23:09:27
ජනප්‍රිය පුවත්