මහ බැංකු පොලී අනුපාත වෙනස් නොවේ



ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මහ බැංකුවේ පොලී අනුපාත දැනට පවතින මට්ටමේම නොවෙනස්ව පවත්වාගෙන යෑමට තීරණය කර ඇත.

මේ අනුව මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ පෙරේදා (24) පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙළින්, සියයට 5.00 සහ සියයට 6.00 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කළ බව මහ බැංකුව පවසයි.
පොලී අනුපාත වෙනස් නොකිරීමේ තීරණය සම්බන්ධයෙන් මහ බැංකුව පවසන්නේ දේශීය සහ ගෝලීය වශයෙන් වන සාර්ව ආර්ථික තත්ත්වයන් සහ අපේක්ෂිත වර්ධනයන් මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් මණ්ඩලය මෙම තීරණයට එළඹුණු බවයි.
ප්‍රධාන වශයෙන් සැපයුම් අවහිරතා සහ ගෝලීය වෙළඳ භාණ්ඩ මිල ඉහළ යෑම හේතුවෙන් මෑතකාලීනව උද්ධමනය ඉහළ යෑම මුදල් මණ්ඩලය නිරීක්ෂණය කළ බව ද ඉදිරි කාලය තුළදී ආර්ථිකයට එහි විභව මට්ටම කරා ළඟාවීම සඳහා සහාය වන අතරම, සුදුසු ක්‍රියාමාර්ග මගින් මැදි කාලීනව උද්ධමනය ඉලක්කගත මට්ටමේ පවත්වා ගැනීම සඳහා වන සිය කැපවීම මුදල් මණ්ඩලය නැවත අවධාරණය කරන ලද බව ද මහ බැංකුව තවදුරටත් පවසයි.
Views
885
2021-11-25 05:48:55
ජනප්‍රිය පුවත්