මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති උපදේශන කමිටුව නැවත පිහිටුවයි



ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති උපදේශන කමිටුව ප්‍රතිස්ථාපනය කර ඇත.
පසුගිය ඔක්තෝබර් මස 5 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි මේ කමිටුව ස්ථාපිත කළ බව මහා බැංකුව කියයි.
මෙලෙස ප්‍රතිස්ථාපිත මුදල් ප්‍රතිපත්ති උපදේශන කමිටුව පෞද්ගලික අංශයේ සහ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් ඇතුළු සාමාජිකයන් 12 දෙනෙකුගෙන් සමන්විත වේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සාමාජික සුනිල් ලංකාතිලක මහතා එහි සභාපතිත්වය දරයි.
එම කමුටුවේ සෙසු සාමාජිකයන් වන්නේ ස්ටැසන් සමාගම් සමූහයේ ප්‍රධාන මූල්‍ය නිලධාරී දමිතා කූක් , ලංකා වාණිජ මණ්ඩලයේ ආනයන අංශයේ සභාපති නිරංජන් දිසානායක, ඇක්සස් එන්ජිනියරින් පීඑල්සීහි කළමණාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් ජෝෂුවා, ආර්ථික විද්‍යා මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර , බ්‍රැන්ඩික්ස් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අෂ්රොෆ් ඕමාර් , සොෆ්ට්ලොජික් සමූහයේ සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ අශෝක් පතිරගේ , වැලිබල් වන් සමූහයේ සභාපති සහ හේලීස් පීඑල්සීහි සම-සභාපති ධම්මික පෙරේරා , මේනෙටෙක් ලංකා (පුද්ගලික) සමාගමේ සභාපති ජෙයම් පෙරුමාල්, ඩීඑස්අයි සැම්සන් සමූහයේ සම්මානනීය කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය කුලතුංග රාජපක්ෂ , විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ බැංකු නිළධාරී රුසිරිපාල තෙන්නකෝන් සහ හේමාස් හෝල්ඩිංග්ස් සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී කස්තුරි චෙල්ලරාජා විල්සන් යන මහත්ම මහත්මීන්ය.

Views
912
2021-10-19 05:18:05
ජනප්‍රිය පුවත්