මහ බැංකු අධිපති තනතුර කැබිනට් සාමාජිකයෙකුගේ තත්වයට සමාන කෙරෙයි !
මහ බැංකු අධිපති තනතුර රටේ කැබිනට් මණ්ඩල සාමාජිකයෙකුගේ තත්වයට සමාන වන පරිදි ශ්‍රේණිගත කිරීමට රජය ඉදිරි දින කිහිපය තුළ කටයුතු කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.
ජනාධිපති ,අගමැති ,කතානායක සහ අගවිනිසුරු යන තනතුරු 4 රටේ ශ්‍රේණිගත කිරීමේ අනුපිළිවෙල අනුව ප්‍රමුඛතම තනතුරු හතර වේ .ඉන් පසු කැබිනට් මණ්ඩල සාමාජිකයන් සහ විපක්ෂ නායක යන තනතුරු එම තනතුරු ධූරාවලියේ පස්වෙනි මට්ටමට ශ්‍රේණිගතව තිබේ .මේ අනුව ඉදිරියේදී මහ බැංකු අධිපති තනතුරද පස්වෙනි ශ්‍රේණියේ තනතුරකට සමාන තත්ත්වයකට ශ්‍රේණිගත කිරීමට නියමිත බවද වාර්තා විය
Views
894
2021-09-14 13:35:12
ජනප්‍රිය පුවත්