මංගල සමු ගනී


කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින්සිටි හිටපු මුදල් අමාත්‍යවරයෙකු වූ මංගල සමරවීර මහතා අද (24) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ මහතා ට කොවිඩ් ආසාදනයවීමෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියේය.
ඔහු මියයන විට 65 හැවිරිදි වියේ පසුවිය.

මංගල සමරවීර මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.
1983 වර්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර සංවිධායකවරයා වශයෙන් දේශපාලනයට පිවිසි මංගල සමරවීර මහතා 1989 වර්ෂයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් විය. 2015 වර්ෂයේදී පත් වූ යහපාලන ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයා ලෙස ද ඔහු කටයුතු කළේය.

Views
1070
2021-08-24 04:39:24
ජනප්‍රිය පුවත්