බැසිල් දැන්ම එන තීරණයක් නැහැ - රජයේ ආරංචි මාර්ග කියයි

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු ආගමනය දැන්ම සිදු නොවනු ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.
ඒ මහතා මහතා පාර්ලිමේන්තුවට පත්වීමේ ඉඩකඩක් තිබුණත් මෙය ඒ සදහා තවමත් සුදුසු අවස්ථාව නොවන බව ද එම ආරංචි මාර්ග
ඒ මහතා ලබන මස 06 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙනු ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් කළ විමසුම්වලට පිළිතුරු වශයෙන් මේ බව දැනගන්නට ලැබිණි.
ඔහු තවමත් නිරෝධයනයේ සිටින බවත් එවැනි තීරණයක් ගැන බැසිල් රාජපක්ෂ මහතා නොදන්වා බවත් මේ ගැන බැසිල් රාජපක්ෂ මහතාට සමීප ආරංචි මාර්ගවලින් කළ විමසුමකට අනුව දැනගන්නට ලැබී ඇත. ඇමෙරිකාවට ගොස් සිටි බැසිල් රාජපක්ෂ මහතා ඉකුත් ජුනි 24 වැනිදා යළි දිවයිනට පැමිණියේය.

එසේම බැසිල් රාජපක්ෂ මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස පත්වනු ඇති බවත් පසුව බැසිල් රාජපක්ෂ මහතා මුදල් හා ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍ය ධුරයෙහි දිවුරුම් දෙනු ඇති බවටත් එම මාධ්‍ය වර්තාවල සඳහන් වූවත් දැනට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇමති ධූරය දරන මුදල් අමාත්‍යංශයේ ද එවැනි වෙනසක් සිදු කිරීමේ සුදානමක් නොමැති බවට ද රජයේ එම ඉහළ පෙළේ ආරංචි මාර්ගවලින් දැනගන්නට තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ආර්ථික පුනර්ජීවන සහ දරිද්‍රතාව තුරන් කිරීමේ ජනාධිපති කාර්යසාධන බලකායේ සභාපතිවරයා වන බැසිල් රාජපක්ෂ මහතා පසුගිය මහින්ද රාජපක්ෂ රජයේ ආර්ථික සංවර්ධන ඇමතිවරයා ලෙස කටයුතු කළේය.

Views
1167
2021-06-25 12:48:17
දේශපාලන පුවත්
ජනප්‍රිය පුවත්