අත්‍යවශ්‍ය බැංකු සේවා සදහා සියලුම බැංකු විවෘතව තබන ලෙස රජය විසින් අද මහ බැංකුවට උපදෙස් දී ඇත.
මේ අනුව මුදල් අමාත්‍යංශය විසින් මේ උපදෙස් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත දැනුම් දීමෙන් පසු මහ බැංකුව විසින් මීට අදාළ උපදෙස් චක්‍රලේඛයක් මගින් සියලුම බැංකු වෙත දැනුම් දී ඇත.
මේ අනුව වහාම බැංකුව විසින් සංචරණ සීමා ක්‍රියාත්මක පවතින කාලය තුලදී බැංකුවලට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව අත්‍යවශ්‍ය බැංකු සේවා පවත්වාගෙන යාමට කටයුතු කළ යුතු වේ.
මෙරට ප්‍රධාන පෙළේ පුද්ගලික වාණිජ බැංකු කිහිපයක් විසින් ඊයේ ( 07) සඳුදා දිනයේ සිට සතියක කාලයක් පුරාවට බැංකු සේවා සඳහා තම සියලුම ශාඛාවන් වසා තබන බව දැනුම් දී තිබිණි. රටේ පවතින සංචරණ සීමාවන් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව අදාළ බැංකු විසින් වැඩිදුරටත් සඳහන් කර තිබුණි.