මැයි මාසයේ තුළ නිෂ්පාදන ක්‍රියාකාරකම් පහළ යයි - ශ්‍රී ලංකා මහ බැංකුව



කොවිඩ් -19 වසංගතගේ තුන්වන රැල්ල මගින් ඇතිවූ අහිතකර
බලපෑම් හේතුවෙන් මැයි මාසය තුළ නිෂ්පාදන ක්‍රියාකාරකම්
පහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මේ අනුව නිෂ්පාදන අංශගේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2021 අප්‍රේල් මාසයට සාපේක්ෂව 2021 මැයි මාසයේ දී දර්ශකාංක 2.2 කින් පහළ යමින් 42.1 ක් ලෙස වාර්තා වී තිබේ.

නිෂ්පාදන , සේවා නියුක්තිය ,නව ඇණවුම් සහ තොග මිලදී ගැනුම් උප දර්ශකවල සිදුවූ සැලකිය යුතු පහළ යාම මේ සඳහා ප්‍රධාන වශගෙන් හේතු වූ බව ද මහ බැංකුව කියයි.
අනුමැතියෙන් තොර නොපැමිණීම් තවදුරටත් ඉහළ යාම නිසා සේවා නියුක්ය පහත වැටීමත් සමඟම විශේෂයෙන්ම ආහාර හා පාන වර්ග නිෂ්පාදන සහ රෙදිපිළි හා ඇඟලුම් නිෂ්පාදන අංශවල නිෂ්පාදනය සැලකිය යුතු ලෙස පහළ යන ලදී. එසේම මැයි මස මැද භාගයේ සිට පැන වූ සංචරණ සීමාවන් මධ්‍යයේ සේවක පැමිණීම් සැලකිය යුතු ලෙස අඩුවීමහේතුවෙන් නිෂ්පාදන සැලසුම් නියමිත දිනට සම්පූර්ණ කර ගැනීමේදී විශාලා ලෙස බාධා ඇති වූ බව එම අංශවල ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනෙක් අවධාරණය කර ඇත.
Views
1101
2021-06-15 09:54:10
ජනප්‍රිය පුවත්