ශ්‍රී ලංකාව ෆිනෑන්ශියල් ඇක්ෂන් ටාස්ක් ෆෝර්ස් (Financial Action Task Force / FATF) විසින් අසාදු ලේඛනයෙන් ඉවත් කරන ලද්දේ 2020 මැයි මාසයේදී බව මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කර ඇති ප්‍රකාශයකට පිළිතුරු දෙමින් රාජ්‍ය ඇමති කබ්රාල් මෙසේ පවසයි.
ඒ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු දක්වන මුදල් රාජ්‍ය ඇමතිවරයා මෙසේ ද කියයි.
“ශ්‍රී ලංකාව 2011 දී Financial Action Task Force (FATF) විසින් අසාදු ලේඛනයට ඇතුළත් කර 2015 දී අළු ලැයිස්තුවට ඇතුළත් කර පසුව 2019 දී සියලුම ලැයිස්තුවෙන් ඉවත් කරන ලද” බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පවසා ඇත. නමුත් නිවැරදි තත්වය නම්, 2014 අවසානය වන විට ශ්‍රී ලංකාව මුදල් විශුද්ධිකරණය / ත්‍රස්තවාදයට මුදල් සැපයීම සමඟ සටන් කිරීම ( AML / CFT) සඳහා අදාල FATF ලැයිස්තුවක නොසිටීමයි. කෙසේ වෙතත්, FATF ශ්‍රී ලංකාව එහි “අළු ලැයිස්තුවට” ඇතුළත් කළ අතර යුරෝපා සංගමය (EU) 2017 දී රට අසාදු ලේඛනයට ඇතුළත් කළේය. FATF සහ EU අවසානයේ දී ශ්‍රී ලංකාව 2019 දී "අළු ලැයිස්තුවෙන්" සහ 2020 මැයි මාසයේදී අසාදු ලේඛනයෙන් ඉවත් කරන ලදී. රනිල් වික්‍රමසිංහ තවමත් මෙවැනි සත්‍යයෙන් තොර ප්‍රකාශ සිදු කිරීම කෙතරම් අවාසනාවන්තද?